brand logo

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

04 July 2020

සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කළේය. මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ අද (04) දහවල් එම කටයුතු අවසන් කළ බවය. මෙවර මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. ඒ අනුව එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමෙන් අනතුරුව රජයේ මුද්‍රණාලය තුළදීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා හෝ ඔහු විසින් පත්කරන නියෝජිතයාට භාරදීම සිදුකෙරෙනු ඇති.
 

More News..