brand logo

ඡන්ද දායකයින් ලක්ෂ 3කට තාවකාලික හැඳුනුම්පත්

08 November 2019

ලබන 10 වැනිදාට පෙර ඡන්ද දායකයින් ලක්ෂ 3කට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ පුද්ගලයින්ට එලෙස ඡන්දය භාවිත කිරීමට පමණක් හැකියාව ලැබෙන පරිදි මෙම තාවකාලික හැදුනුම්පත නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය. මෙම හැඳුනුම්පතෙහි ජාතික හැඳුනුම්පතට ඇතුළත් සියලු තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත් කෙරෙනු ඇති අතරමෙම හැඳුනුම්පත ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් ඉල්ලුම්කරුවන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
 

More News..