brand logo

ඡන්ද දායකයන්ට දෙන අලුත්ම අල්ලස

31 July 2020

ඡන්ද අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන්ට මනාප අංකය සහ පක්ෂ ලාංඡනය සහිත පෑනක් ලබාදීම අල්ලසක් ලබාදීමට වඩා භයානක බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. ත්‍රිකුණාමලය, ගාල්ල, රත්නපුර, කළුතර, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක අපේක්ෂකයන් මේ ආකාරයෙන් පෑන් ලබාදී ඇත්තේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙවර ඡන්ද පොළට පෑනක් රැගෙන ඒමට ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් බවද ඔහු සඳහන් කරයි. යම් ලෙසකින් මනාප අංකය සහ පක්ෂ ලාංඡනය සහිත පැන් ඡන්ද පොළට ගෙන ආවොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකසන බව හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව දැනටමත් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ශිරන්තනි මානවඩු
 

More News..