brand logo

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් අධිකරණයට යයි

04 November 2020

මේ වන තුරු ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් මුළුමනින්ම නිකුත් කර නැතත්, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන ජනපති සඳහන් කරන්නේ තමන් මැතිවරණය ජය ගෙන ඇති බවයි. එමෙන්ම ඉදිරි ඡන්ද ගණන් කිරීමේ කටයුතු සියල්ල අත්හිටුවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ඔහු සඳහන් කරනවා. ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කරන්නේ' ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාශ ඡන්ද 270 කින් 220 ක් ජයග්‍රහණය කර සිටියදීයි. ට්‍රම්ප්ට හිමිව ඇත්තේ එම ඡන්ද 213 ක් පමණයි. කෙසේ වුවත් ජයග්‍රාහකයා තීරණය වන්නේ ඡන්ද වැඩි සංඛ්‍යාවක් පවතින ජනගහනයෙන් වැඩි ප්‍රාන්තවල ප්‍රතිඵල ලැබීමත් සමඟයි. ඡන්ද ගණනය කිරීම තමාට අවාසිදායක විය හැකි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා එය අත්හිටුවීම ජනපති ට්‍රම්ප්ගේ අරමුණ බවද පැවසේ.
 

More News..