brand logo

ඡන්දෙ නිසා ප්‍රමාද වුණාට නිල ඇඳුම් වව්චරය දෙන එක මහ වැඩක් නෙවෙයි හිටපු අධ්‍යාපන ඇමැති අකිල

29 November 2019

මැතිවරණ කටයුතුවල නිරතව සිටීම නිසා කලට වේලාවට පාසල් නිල ඇඳුම් ලබා දීමේ කටයුත්ත ප්‍රමාද වූ බව හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඊයේ (28වැනිදා) ප්‍රකාශ කළේ ය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. නිල ඇඳුම් දෙන්න විශාල කාලයක් ගත වෙන්නේ නෑ. මැතිවරණය නිසා වවුචරය දෙනවවද, නිල ඇඳුම දෙනවද කියලා දෙපැත්තේම ප්‍රශ්න තිබුණා. ඒ නිසා ප්‍රමාද වෙන්න ඇති. ඉතා ඉක්මනින් වව්චරය දෙන්න පුළුවන්කම තියෙනවා. වවුචරය මීට කලින් දෙන්න අවශ්‍ය කටයුතු නිලධාරින් සාදා තිබුණා. මැතිවරණය නිසා ප්‍රමාද වෙන්න ඇති. අපටත් ඒ සඳහා කාලය යොදවන්න බැරිවුණා. ඊළඟ වාරය ආරම්භ වෙද්දීම මේ නිල ඇඳුම් වව්චර ලබා දේවි කියා හිතනවා. ඡන්දෙ පැවැත්වුණේ 16 වැනිදා. ඉන් පසුවත් කාලය තිබුණා. ඒ කාලයත් හොඳටම ඇති වවුචරය දෙන්න. වවුචරය දෙන එක ලොකු වැඩක් නොවේ. සතියකින් මුද්‍රණය කර බෙදා හරින්න තිබුණා. මට ඒ වගකීම භාර ගන්නත් බෑ. අවශ්‍ය කටයුතු සිද්ධ කළා. ඉතා ඉක්මනින් වවුචරය ලබාදෙන බව වර්තමාන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.’’ගියා. ඔහු පුටු පොළේ ගහන්න වගේ හැසිරිලා කිව්වා මේක කියන්නම කියලා. අජිත් අලහකෝන්  
 

More News..