brand logo

ඡන්දෙන් පස්සේ රංගෙ එනවලු

17 July 2020

තමන් එක්සත් ජාතික පක්ෂයට නැවතත් පැමිණෙනවා යැයි රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් තමන්ගේ ජයග්‍රහණය දරාගත නොහැකි   මාතලේ දිස්ත්‍රික්කයේ කාගේ හෝ කොන්ත්‍රාත්වක් රැගෙන ඔහු මෙම ප්‍රකාශය සිදු  කළා යැයි සැකයක් පවතින බවද මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවෙිගයේ අපේක්ෂිකා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය පැවසුවාය. එසේම 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමගි ජන බලවේගය සිට එක්සත් ජාතික පක්ෂයට පැමිණෙනවා යැයි ප්‍රකාශ කළ බවත් ඒ අතර මාතලේ දිස්ත්‍රික්  අපේක්ෂිකාවකුත් එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට සාකච්ඡා කළ බවත් ඔහු සදහන්  කළ බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය තරගවදින එකම කාන්තා  නියෝජනය තමන් බවත් තමන් කිසිම ආකාරයෙන් රංගේ බණ්ඩාර මහතා සමඟ එක්සත්  ජාතික පක්ෂයට යාමට සාකච්ඡා නොකළ බවත් ඇය සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය, “රංගේ බණ්ඩාර මැතිතුමා ප්‍රකාශ කරල තිබ්බා සමගි ජන බලවේගයේ 56 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එනවා ඒ අතරේ මාතලේ මන්ත්‍රීවරියක්  එන්න කතා කරලා තියෙනවා කියලා. මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ සටන් තරගවදින එකම අපේක්ෂිකාව මම. මම නම් රංගෙ බණ්ඩාර ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා නෑ. අපි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස්සේ අපේ පාක්ෂිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි වෙච්ච නිසා.එක නිසා අපි රංගේ බණ්ඩාර මැතිතුමාට කියන්නේ අපිව ගන්න කලින් පුලුවන්නං එතුමාගේ බෑනව වැලිඅංග මහත්තයව එක්සත් ජාතික පක්ෂයට අරගෙන පෙන්නන්න කියලා. හැබැයි වැලිඅංග මහත්තයා නම් අපිත් එක්ක කියලා තියෙන්නේ මහ මැතිවරණයෙන් පස්සේ ජයග්‍රහණය කරොත් රංග බණ්ඩාරමැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා සමගි ජන බලවේගය ට එනවා කියලා. ඒ නිසා මම රංගේ බණ්ඩාර මැතිතුමාට කියන්නේ මේ වගේ දෙකයි පනහෙ දේශපාලන වැඩ කරන්න එපා. එතුමා මගේ ජයග්‍රහණය දරාගන්න බැරි මාතලේ දිස්ත්‍රික්කේ කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් අරගෙනද මෙහෙම කරන්නේ කියලා මට සැකයක් තියෙනවා.” (දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස)
 

More News..