brand logo

ඡන්දෙන් පස්සෙ මල්ලිව මැදමුලනෙ පිළිකන්නෙ ජනේලෙ එල්ලන එක වැඩක් නෙමේ

14 October 2019

සජිත් ගේ ගෝල්ෆේස් රැලිය පැවැත්වුණේ, පසුගිය බ්‍රහස්පතින්දා ය. ඒ ගෝල්ෆේස් පිටියේදී ය. මෙය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර එ.ජා.ප. ආසන සංවිධායකයින්, ඉතා කැපවීමෙන් සහ උනන්දුවෙන් දුර බැහැර ගම්වල සිට සිය පාක්ෂිකයින් කොළඹට ගෙනාවේය. ඒ අනුව සවස පැවැත්වුණු රැලියට එ.ජා.ප.යේ අය මෙන් ම ඊට සහාය පළ කරන සෙසු පක්ෂ සහ බලවේගවල අයත් එක්ව සිටියහ. මෙහිදී සජිත් ප්‍රේමදාස සිය කතාව ආරම්භයේ දී ම පසුගියදා ඔහු ම කියූ ‘ශ්‍රී මුඛ කතාවට’ සමාව ගත්තේ ය. ඒ මෙසේ ය. ‘‘මුලින් ම කියන්න ඕන, පසුගිය දවසක අත්වැරැද්දකින් මා අතින් මගේම මුඛයට ශ්‍රී මුඛය කීම ගැන... මට සමාවෙන්න... සංඝරත්නයෙනුත් ජනතාවගෙනුත් බැගෑපත්ව ඉල්ලා සිටිනවා... මට සමාවෙන්න...’’ මෙම කතාවෙන් අනතුරුව නැගී සිටි දඹර අමිල හිමියන් ද එදින ‘සැර කතාවක්’ කළේ ය. ‘‘මතක තියාගන්න ගෝඨා, කලින් ඡන්දෙදි අයියා මැදමුලනෙ ඉස්සරහ ජනේලෙ එල්ලූ අපිට මේ ඡන්දෙන් පස්සෙ මල්ලිව මැදමුලනෙ පිළිකන්නෙ ජනේලෙ එල්ලන එක වැඩක් නෙමේ...’’ දඹර අමිල හිමි කීවේ ය.
 

More News..