brand logo

ඡන්දය සලකුණු කිරීමට පෑනක් රැගෙන යාමට අවස්ථාව

01 August 2020

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එය නිල් හෝ කළු පැහැති පෑනක් විය යුතු අතර එහි පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බව ද කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා විෂබීජ හරණය කරන ලද පෑනක් ලබාදෙන බව ද කොමිෂන් සභාව සඳහන් කළේය.
 

More News..