brand logo

ඡන්දය ප්‍රකාශ කර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැම්මොත් අවු. 03ක් හිරේ

31 October 2019

තැපැල් ඡන්දය ප්‍රකාශ කර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එසේ තහනම් කර තිබියදී ද රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බව ඔහු සදහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේ අද (31) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එලෙස ඡන්දය ප්‍රකාශ කර සමාජජාල මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයාගනු ලැබුවහොත් අදාළ පුද්ගලයාට අවම වශයෙන් වසර 3ක සිර දඩුවමකට යටත් කරන බව ඒ මහතා පැවසුවේය. එවැනි සිදුවීම් සිදුවන අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..