brand logo

ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

01 August 2020

කාලය ඉකුත් වී තිබුණ ද, මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා රියදුරු බලපත්‍රය වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත් වී තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එවැනි බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, මාර්තු මස සිට ජුනි මස දක්වා, කල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස 6ක් සහ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක් ලෙස මෙලෙස සහන කාලය ලබා දී ඇත. කෙසේවෙතත් මෙම සහන කාලය නොඉක්මවන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
 

More News..