brand logo

චූන් පාන් අවදානමේ බේකරි හිමියෝ පවසති

01 April 2020

‘චූන් පාන්’ වාහන යොදාගෙන පාන් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවි කිරීමද අවදානම් තත්ත්වයක් බව ඇතැම් බේකරි හිමියෝ පවසති. පාන් අලෙවි කිරීමට යන බොහෝ පුද්ගලයන් අත් වැසුම් භාවිත නොකරන බවත්, මුදල් ගන්නා අතින්ම බේකරි නිෂ්පාදන අලෙවි කරන බවද බේකරි හිමියෝ කියා සිටිති. මුඛ ආවරණ සහ අත්වැසුම් භාවිත කරන ලෙස ‘චූන් පාන්’ අලෙවිකරුවන් දැනුවත් කළද, බොහෝ දෙනකු එම ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බව බොහෝ බේකරි හිමියෝ සඳහන් කරති.   සාලිය කුමාර ගුණසේකර
 

More News..