brand logo

චීන විරෝධී සන්ධානයකට බොරිස්ට ආරාධනයක්

02 June 2020

චීන හොංකොං අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනයට විරෝධය පළකරන ගෝලීය සන්ධානයක් පිහිටුවීමට මැදිහත් වන ලෙස එක්සත් රාජධානියේ හිටපු විදේශ ලේකම්වරු 7 දෙනෙක් අගමැති බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ සැලසුම් සහගතව ආරක්ෂක නීතියක් හඳුන්වා දීම ඔස්සේ චීනය හොංකොං වැසියන්ගේ නිදහස සීමා කිරීමට කටයුතු කර ඇති බවයි. 1997දී හොංකොං පාලනය බ්‍රිතාන්‍යය විසින් ඓතිහාසික නිවාඩුවක් ඔස්සේ චීනයට ආපසු භාරදෙන ලදී. දැන් චීන පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති මෙම නව නීතිය මගින් බීජිං පාලනය විසින් හොංකොං දැඩි පාලනයකට යටත් කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍ය හිටපු විදේශ ලේකම්වරු පවසති. ජෙරම් හන්ට්, ඩේවිඩ් මිලිබෑන්ඩ්, ජැක් ස්ට්‍රෝ, විලියම් හෙග්, මැල්කම් රිෆ් කින්ඩ්, ඩේවිඩ් ඕවන් සහ මාග්‍රට් බෙකම් යන පිරිස මෙලෙස බ්‍රිතාන්‍ය අගමැතිවරයාට යොමු කළ ලිපියට අත්සන් තබා ඇත. ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙම නව නීතිය ඔස්සේ චීනය විසින් හොංකොං පැවැරීම සඳහා අත්සන් කළ චීන බ්‍රිතාන්‍ය ගිවිසුම උල්ලංඝනය කර ඇති බවයි. යුගෝස්ලෝවියාවේ ගැටුම් අවසන් කිරීම සඳහා 1994 වර්ෂයේදී පිහිටුවන ලද අන්තර් ජාතික සංවිධානයට සමාන සම්බන්ධතා කණ්ඩායමක් පිහිටුවීමට මැදිහත්වන ලෙස ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති. මීට ප්‍රතිචාර දක්වන ඩවුනින් වීදියේ අගමැතිවරයාගේ ප්‍රකාශයකයකු බී බී සී පුවත් සේවයට ප්‍රකාශ කළේ නව නීතිය පිළිබඳව නැවත සිතා බැලීම සඳහා චීනයට බලපෑම් කිරීමට බ්‍රිතාන්‍යය විසින් අන්තර්ජාතික හවුල්කරුවන් සමග ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවයි. නයන තරංග ගමගේ
 

More News..