brand logo

චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩාවැටේ

09 May 2021

චීනය විසින් තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවූ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ. මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් කඩාවැටී ඇත. 'ලෝන්ග් මාච් 5B' ලෙස නම්කර තිබු එම රොකට්ටුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර ඊයේ (08) එහි කොටසක් පෘථිවියට වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක් මෙලෙස පෘථිවියට කඩා වැටී ඇත.
 

More News..