brand logo

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වෙනවා

31 January 2021

    චීන මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරනතුරු තම සංගමය එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (31) සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ මහතා සඳහන් කර ඇත. මෙහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ පසුගිය දිනෙක එවැනි මැදිරි සහිත දුම්රියක් දෙකඩවී නොනැවතී කිලෝමීටරයක් පමණ ධාවනය වූ බවයි. "පසුගිය දා කැලණිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නුවර මහ මාර්ගය අසල ඇති පෑලියගොඩ ගුවන් පාලම අසලදී චීන මැදිරි සහිත දුම්රියක් දෙකඩ වෙනවා. ඕනම දුම්රියක් දෙකඩ වුණොත් එහෙම සාමන්‍යයෙන් 20m ක් පමණ දුරකට ධාවනය වෙලා දුම්රිය කොටස් දෙකම නවතින්න ඕනේ හදිසි තිරිංග ක්‍රියාත්මක වෙලා. නමුත් අපි දැක්කා මේ දුම්රිය නවතින්නේ නැතිව කිලෝමීටරයකට ආසන්න දුරක් නිදහසේ ගමන් කරලා ඉදිරිපස කොටසින් දුම්රිය එන්ජින් රියදුරු ඒ තිරිංග ක්‍රියාත්මක කළාට පස්සේ ඉදිරිපස කොටස නතර වෙනවා. ඊට පස්සේ දෙකඩ වෙච්ච දුම්රිය මැදිරි කොටස ඇවිත් අනෙක් කොටසේ වැදිලා තමයි නවතින්නේ. මේක විශාල අනතුරක්. මෙවැනි අවස්ථා ඕන තරම් වාර්තාවෙලා තියනවා. මේ චීන මැදිරි සහිත දුම්රියන් මේ පළමු අවස්ථාව නෙමෙයි මේ විදිහට දෙකඩ වෙලා නිදහසේ ගමන් කරලා අනතුර ඇති වුණ. මේ දුම්රිය මැදිරි නිසි පරිදි නඩත්තු කරලා. අවශ්‍ය තිරිංග පද්ධතියක් සවිකරලා ධාවනයට එක්කරන තුරු මේ මැදිරි ධාවනය කරන්නේ නැහැ."
 

More News..