brand logo

චීන මහාචාර්යවරයා ඇමරිකාවේදී ඝාතනය කරලා

08 May 2020

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටි චීන ජාතික මහාචාර්යවරයකුගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. බිංග් ලියු නමැති 37 හැවිරිදි මෙම මහාචාර්යවරයාගේ මළසිරුර පොලිසිය විසින් සොයාගන්නා ලද්දේ පසුගිය සෙනසුරාදා ඔහුගේ නිවස තුළදීය. ඔහුගේ හිස, ගෙල, පපුව ඇතුළු ස්ථාන කිහිපයකට වෙඩි වැදී තිබූ බව ද සඳහන් වේ. බිංග් ලියු ගේ ඝාතකයා යයි සැක කරන තවත් පුද්ගලයකුගේ මළ සිරුරක් මහාචාර්යවරයාගේ නිවස ඉදිරිපිට මෝටර් රථයක් තුළ තිබී සොයාගෙන ඇත. හඕ ගු නමැති මෙම තැනැත්තා බිංග් ලියු ගේ මිතුරෙකු බව ද හෙළි වී තිබේ. ඔහු ලියුට වෙඩි තැබීමෙන් පසු තම මෝටර් රිය වෙත පැමිණ සිය දිවිනසා ගෙන ඇති බව විමර්ශකයන් පවසා ඇත. කෙසේ නමුත් මහාචාර්යවරයාගේ ඝාතනය ආන්දෝලනයක් ඇති කර තිබෙන්නේ ඔහු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඉතා වැදගත් පර්ෙය්ෂණයක් කරමින් සිටි කෙනකු ලෙස සැලකෙන නිසාය. ඇමෙරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මාහාචාර්යවරයකු වන ඔහු සිය පර්ෙය්ෂණයේ අවසන් අදියරේ සිටි බවත්, කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සොයාගැනීම් කිහිපයක් හෙළි කිරීමට ආසන්නව සිටි බවත්, ඔහු ඉතා දීප්තිමත් පර්ෙය්ෂකයකු වූ බවත් එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.මෙම පසුබිම තුළ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් විවිධ සැකසංකා මතු කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටිනු දැකගත හැකි විය. මෙම සිද්ධිය පිටුපස කිසියම් අබිරහසක් තිබිය හැකි බවට ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබිණි. චීනයේ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පවසා ඇත්තේ වෛරසය ඇමෙරිකාවේ පරීක්‍ෂණාගාරයක නිපදවූවක් බව මහාචාර්යවරයා සොයාගත් නිසා ඔහු ඝාතනය කරන්නට ඇති බවයි. මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වා තිබූ බොහෝ දෙනකු සැක පළකර තිබුණේ ඔහු වෛරසයේ ආරම්භය ගැන රහසක් සොයා ගත් නිසා ඝාතනය කරන්නට ඇති බවටය. මහාචාර්ය ලියු ඝාතනය කරන්නට ඇත්තේ චීනය විය හැකි බවටද තවත් පිරිස් අදහස් පළකර තිබිණි. කෙසේ වෙතත් මහාචාර්යවරයාගේ සහ ඔහුගේ මිතුරා ගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන කරන කණ්ඩායම් සැක කරන්නේ කිසියම් පෞද්ගලික ආරවුලක් නිසා මෙය සිදුවන්නට ඇති බවටයි. මහාචාර්ය ලියු ගේ ඝාතනය ඔහු කරමින් සිටි පර්ෙය්ෂණවලට සම්බන්ධ බවක් සනාථ කරන සාක්ෂි කිසිවක් නොමැති බව ඔවුන් සඳහන් කර ඇත.   සහන් වික්‍රමගේ  
 

More News..