brand logo

චීන මගී ගුවන් යානා ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

05 June 2020

ලොව ආර්ථික යෝධයන් දෙදෙනා අතර පවතින ආතතිය තවදුරටත් තීව්‍ර කරමින් ඇමරිකාව එළැඹෙන ජුනි 16දා සිට චීනයෙන් පැමිණෙන මගී ගුවන් ගමන් තහනම් කර ඇත. කොවිඩ් 19 වසංගතය පහව යත්ම එක්සත් ජනපදයේ ගුවන් සමාගම්වලට චීනයට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉඩ නොදීම හේතුවෙන් මෙලෙස බීජිං වෙත ගුවන් ගමන් අත්හිටුවන බව එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෑත සතිවලදී කොවිඩ් 19 ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම හොංකොං සහ චීනය අතර මතුව තිබෙන අර්බුදය පිළිබඳවද චීනය සහ ඇමරිකාව අතර ‘උණුසුම් අදහස්’ හුවමාරු වී තිබේ. මෙම නව නියෝගයන් සමග ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්, වසංගත කාලයේදී ද දෙරට අතර අඛණ්ඩව පියාසර කළ එයාර් චයිනා, චයිනා ඊස්ටන් එයාර් ලයින්ස්, චයිනා සදර්න්, එයාර් ලයින්ස් හා හයිනාන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් භාරව ගුවන් ගමන් තහනම් පනවා ඇත. එක්සත් ජනපදයේ මෙම නවතම තීරණය පිළිබඳව වොෂිංටනයේ චීන තානාපති කාර්යාලය අදහස් පළකර නැත. මීට පෙර තානාපති කාර්යාලයේ නිලධාරීන් පවසා තිබුණේ කොවිඩ් 19 වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති සියලු ගුවන් ගමන් සීමා සාධාරණ බවයි. පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජනපද ගුවන් ගමන් අත්හිටවනු ලැබීය. ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ එම ක්‍රියාවේ ඵලදායිතාවය ප්‍රදර්ශනය කරමින් චීනයෙන් පැමිණීමට නියමිතව තිබූ කෙවිඩ් 19 ආසාදිතයන් රැසක්ම සිය රටට පැමිණීම වැළකී ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන දෙපාර්තමේන්තුව පවසන්නේ එක්සත් ජනපද ගුවන් සේවාවන්ද ගුවන් සේවා අත්හිටුවා ඇති බැවින් දෙපාර්ශ්වය අතර පවතින තරගකාරීත්වයේ සමතුලිතභාවයක් ඇති කිරීම සඳහා මෙලෙස චීන ගුවන් සේවා සඳහා ද තහනමක් පැනවූ බවයි. නයන තරංග ගමගේ
 

More News..