brand logo

චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකාව කුසලාන වටයට

15 September 2018

‘ඒ’ කාණ්ඩය යටතේ චීන තායිපේ සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 33-12 ක පහසු ජයක් ලද ශ්‍රී ලංකාව හොංකොංහි පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ කුසලාන අවසන්පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයේදී ප්‍රබල හොංකොං පිල සමගින් ප.ව. 1.05 ට තරග වැදීමට නියමිතය. අවසන් පූර්ව වටයට පිවිසීම උදෙසා ජයග්‍රහණය අනිවාර්ය වූ චීන තායිපේ තරගයේදී ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 5 ක් සහ ගෝල ප්‍රවර්තනයන් 4 ක් රැස්කරන අතරවාරයේදී ප්‍රථිවාදීන්ට වාර්තාකරගත හැකි වූයේ උත්සාහක දිනුම් දෙකක් සහ ගෝල ප්‍රවර්තනයක් පමණි.
 

More News..