brand logo

චීන ජාතිකයින් හතරක් සහ ඉන්දීය ජාතිකයින් හත් දෙනෙක් අත්අඩංගුවට

06 January 2020

මෙරට රැඳිසිටීමට වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයින් හත් දෙනෙක් ඊයේ (05) රාත්‍රී අම්බලන්තොට පොලිස් වසම තුල සිදුකල විශේෂ වැටලිමක දි අම්බලන්තොට පොලීසිය විසීන් අත්අඩංගුවට ගෙන ඇත. වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයින් සොයා ඊයේ (05) රාත්‍රියේ දී දිවයින පුරා සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමක දී අම්බලන්තොට මිරිජ්ජ විල ආයෝජන කලාපයේ ලංවා සිමෙන්ති කම්හලේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයින් හත් දෙනෙක් හා අම්බලන්තොට චිත්‍රාගල චීන අවන් හලක සේවය කරමින් සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් මෙලෙස අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුනරත්න මහතා පැවසීය. අත් අඩංගුවට පත් වූ විදේශිය ජාතිකයින් හත් දෙනා සම්බන්දයෙන් වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇති බවත්. එසේ ඉදිරිපත් කිරිමට ඔවුන් අපොහොසත් උවහොත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව ස්ථානාදිපති වරයා සඳහන් කලේය. ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිළධාරින්ගේ ද උපදෙස් මත, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නීළධාරීන් හා අම්බලන්තොට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිළධාරිහු කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා සහභාගි වුහ. අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර
 

More News..