brand logo

චීන කත රෝහලෙන් පිටව යයි

19 February 2020

නව කොරෝනා වෛරසය ආසාදිතවිමෙන් අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද(19) රෝහලෙන් පිට වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අදාල කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලැබීම හේතුවෙන් ඇය රෝහලෙන් පිටත් කර යැවිමට තීරණය කළ බවයි. චීනයේ හුබෙයි පළාතේ පදිංචිකාරියක් වූ 43 හැවිරිදි ඇය මෙරට සංචාරයට පැමිණ සිටියදී පසුගිය මස 26 වැනි දා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමත් සමග රෝහල්ගතවූ අතර පසුව කළ පරීක්ෂණවලදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය. ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියහ.
 

More News..