brand logo

චීනය 10 වැනි වරටත් එක වෙද්දී ශ‍්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි

03 September 2018

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් 132 ක්, රිදී 92 ක් සහ ලෝකඩ 65 ක් සමගින් මුලූ පදක්කම් 289 ක් රැස්කළ චීනය 10 වැනි වරටත් සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. එම දෙවැනි ස්ථානය රන් 75 ක්, රිදී 56 ක් සහ ලෝකඩ 74 ක් දිනූ ජපානය විසින් දිනා ගන්නා අතරවාරයේදී රන් 49 ක්, රිදී 56 ක් සහ ලෝකඩ 70 ක් දිනූ දකුණු කොරියාව තෙවැනි ස්ථානයට පත්විය. මෙහිදී ආසියානු ක‍්‍රීඩා උළෙලක් සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉතිහාසයේ වැඩිම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාවක් (177) මෙවර තරවාරයේදී සහභාගී වූ නමුත් ඔවුන්ට එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට අවස්ථාවක් නොවීය. ඒ හේතුවෙන් ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ රටවල් 45 ක් අතරින් එකදු පදක්කමක් හෝ දිනා නොගත් රටවල් 8 අතර රැඳී සිටීමට ශ‍්‍රී ලංකාවට සිදුවිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමකින් පදක්කමක් කිට්ටුවටවත් පැමිණි කණ්ඩායම් අතර මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම සහ සත් සාමාජික රග්බි කණ්ඩායම් වූ අතර එම කණ්ඩායම් දෙකටම සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ඉකුත් 2014 වසරේ ඉන්චොන්හි පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා පිල ඉදිරියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සටහන්ව තිබිණි. එම රන් පදක්කම පිරිමි ක‍්‍රිකට් පිල විසිනුත්, ලෝකඩ පදක්කම කාන්තා ක‍්‍රිකට් පිල විසිනුත් දිනා ගන්නා ලදී.
 

More News..