brand logo

චීනය තවදුරටත් පෙරමුණේ

04 August 2021

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ රැදී සිටීමට චීනය සමත්ව තිබේ.

රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 16ක් චීනය ජයග්‍රහණය කර ඇත. ඔවුන් මේ වන විට ලබාගෙන සිටින සමස්ත පදක්කම් ගණන 69කි. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ඇමෙරිකා එක්සත් ජනපදය ලබාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 76කි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම් හිමිකර ගත් රට වන්නේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 29ක් සහ ලෝකඩ පදක්කම් 22ක් ලබාගැනීමට සමත්ව තිබේ. සත්කාරක ජපානය පදක්කම් 39ක් ලබාගෙන පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටියි.
 

More News..