brand logo

චීනයේ Zhurong රෝවරය රතු ග්‍රහයාට ගොඩවෙයි

15 May 2021

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ. “ෂූරෝන්“ (Zhurong robot) නමැති යානය චීනය විසින් මෙලෙස අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකට චීනය රෝවරයක් යොමුකළ පළමු අවස්ථාව මෙයයි. යානය නවතා තිබූ තැන සිට එරට වේලාවෙන් අලුයම 1.00ට පිටත්ව ගොස් ඇති අතර යානය පැය 03කට පසු කක්ෂයෙන් වෙන් වී අඟහරු වෙත ඇතුළු වී තිබේ. කිලෝග්‍රෑම් 240ක බරකින් යුක්ත වන රෝද 6 කින් සමන්විත එම යානය සූර්ය පැනල මගින් බලගන්වා තිබේ. රෝවරය අඟහරු පෘෂ්ඨයේ පස හා වායුගෝලය පිළිබඳව මෙන්ම අඟරු මත ජලය සහ අයිස් සහ ජීවි පැවැත්මක සලකුණු තිබුණේ ද යන්නත් විමර්ශනය කිරීමට නියමිතය. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320ක් වන අතර අඟහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ අමෙරිකාව විසිනි. ඒ අනුව අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.   Espace – La Chine réussit à poser un petit robot sur Mars | 24 heures Nihao Mars': China's Zhurong rover touches down on Red Planet - Science &  Tech - The Jakarta Post The Chinese rover Zhurong will land on Mars tomorrow: a new historic step  for China in China prepares to land its Zhurong rover on Mars - BBC News
 

More News..