brand logo

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිටින ශ‍්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරුයි

31 January 2020

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ‍්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඇතැයි ශ‍්‍රී ලංකාවේ සිටින චීන තානාපති චෙං ෂුවාන් (Cheng Xueyuan) මහතා සනාථ කරයි. ඊයේ (30) රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදි තානාපතිවරයා මේ බව සඳහන් කළේය. එසේම කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීමට චීන රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවත් වුහාන් නගරයේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට චීන රජය කටයුතු කරමින් සිටින බවත් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වූහාන් හි සිටින ශ‍්‍රී ලාංකික සිසුන්ගේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයන් අවිනිශ්චිත තත්ත්වයකට පත්වීම පිළිබඳව අගැමතිවරයා චීන තානාපතිවරයා දැනුවත් කළ අතර ශ‍්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට තම දෛනික කටයුතු සිදුකරගෙන යෑමේ ගැටළුවක් උද්ගත වී නොමැති බවද අගමැතිවරයා ප‍්‍රකාශ කළේය. වූහාන් හී වෙසෙන ශ‍්‍රී ලාංකික සිසුන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට චීන රජය කඩිනමින් පියවර ගන්නා බවත් එහිදී චීන තානාපතිවරයා සඳහන් කළේය. විශේෂ ගුවන් යානයක් මඟින් වූහාන් හී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දෙරට රජයන් සමීපව කටයුතු කිරීම පිළිබඳවද මෙහදී අවධානය යොමු විය. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේදි වගකීම් සහගතව කටයුතු කරන මෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සහ ජනමාධ්‍ය වලින් විශේෂ ඉල්ලීමක් කිරීමටද අගමැතිවරයා කටයුතු කළේය.
 

More News..