brand logo

චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණෙන ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කදවුරට

28 January 2020

චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සිසු සිසුවියන් දියතලාව යුද හමුදා කදවුරේ තිබෙන කාමර වෙත පළමු පියවර ලෙස යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ශිෂ්‍යයින් දියතලාව යුද හමුදා කදවුරේ දින 14ක කාලයක් රදවා තබා විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවයි. චීනයේ සිට මෙරටට පැමිණ රැකියාවල නිරත පිරිස්, සංචාරකයින් සහ චීනයේ සිට පැමිණෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ඔවුන් ජීවත්වන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂණයකට නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසීය.
 

More News..