brand logo

චීනයේ ධනවත්ම පුද්ගලයා වූ "ජැක් මා"ට ස්ථානය අහිමි වෙයි

02 March 2021

    චීනයේ ධනවත්ම පුද්ගලයා බව සඳහන් වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව වාර්තාවේ. ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වනවා. එරට දනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස "බෝතල් කළ පානීය ජලය" අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන "නොන්ග්ෆු ස්ප්‍රින්ග්" හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් හට කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක හිමිකාරිත්වයද ඇත. එම කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරන සමාගමේ කොටස් සඳහා ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ද දත්ත වාර්තා පෙන්වා දෙනවා.
 

More News..