brand logo

චීනයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීමේ අවධානමක්

30 July 2021

චීනයේ නැන්ජිං නගරයේ හදුනාගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද පොකුර මේ වන විට එරට ප්‍රාන්ත පහක සහ බීජිං නගරයට පැතිරගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ආසාදිතයින් හමුවීම හේතුවෙන් කාර්යබහුල ගුවන් තොටුපළක් වන නැංන්ජි ගුවන් තොටුපළ අගෝස්තු මස 11වනදා තෙක වසා දැමීමට පියවර ගෙන තිබේ. පසුගිය ජූලි 20 වැනි දින නැංන්ජි ගුවන් තොටුපොළෙන් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව තවත් ප්‍රාන්ත කිහිපයක සිදුකළ පරීක්ෂන වලදී තවත් ආසාදිතයින් හදුනාගෙන ඇත. ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීම හේතුවෙන් නව පොකුරු වර්ධනයවීම එරට සෞඛ්‍ය බලධාරීන් චීන ජනතාවට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට දැනුම් දී තිබේ.
 

More News..