brand logo

චීනයේ ගුවන් ගමන් සියල්ල යථා තත්ත්වයට

29 August 2020

ලබන මාසය (සැප්තැම්බර්) වන විට චීනය තුළ ගුවන් ගමන් සියල්ල යථා තත්ත්වයට පත්වීමට නියමිත බව ගෝලීය සංචාරක දත්ත සම්පාදන ආයතනයක් වන ෆෝවඩ්කේස් ප්‍රකාශ කරයි. පසුගිය පෙබරවාරි මාසයේදී කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සිරවී සිටි විදේශිකයන් ආපසු රැගෙන යෑම සඳහා ගුවන්යානා ගොඩබැස්සවීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වන විට චීනයේ ගුවන් තොටුපොළ ක්‍රමයෙන් කාර්ය බහුල වෙමින් පවතී. ​ෆෝවඩ්ක්ස්හි සංඛ්‍යා ලේඛනවලට අනුව මේ මාස​යේදී (අගෝස්තුවේදී) චීන ගුවන්තොටුපොළවල්වලට පැමිණි ගුවන්යානා සංඛ්‍යාව 2019 වසරේ පැමිණි ගුවන් පියාසැරිවලින් 86%කට මට්ටමකට ළඟා වී තිබිණ. ෆෝර්වඩ් කේස්හි මෙම අනාවැකිය හේතුවෙන් රැකියා අහිමිකිරීම් සහ විශාල අලාභයන්ගෙන් පීඩා විඳින චීන ගුවන් සේවා කර්මාන්තයට යම් බලාපොරොත්තුවක් දැල් වී ඇත. චීනය තුළ කොරෝනා ​රෝගීන් අඩුවීමත් සමග ගුවන් ගමන් වැඩි වැඩියෙන් ආරම්භ කර ඇති අතර මේ වන විට ආසන වෙන් කරවා ගැනීම් 98%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ​ ෆෝවඩ්කේස් සඳහන් කරන ආකාරයට කොරෝනා වසංගතයේ අරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ලොව ගුවන් සේවාවන් යථා තත්ත්වයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වසංගතය පාලනය කර තබා ගැනීම සහ සහනදායී මිල ගණන් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු කීපයක්ම මූලික කර ගනිමින් චීනයේ අභ්‍යන්තර ගුවන් සේවා සැප්තැම්බරයෙහි සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ​ෆෝවඩ්කේස් පුරෝකථනය කර තිබේ. බොහෝ චීන ගුවන් සේවා මේ වන විට චීනයට මගීන් ගෙන්වා ගැනීමේ වැඩසටහනක් ප්‍රවර්ධනය කරන අතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මෙම වැඩසටහන්වල මූලික ඉලක්ක වී ඇත. කෙසේ වෙතත් 2019 වර්ෂයේ පළමු අර්ධයට වඩා තවමත් ගුවන් ගමන්වල 24.8%ක පසුබෑමක් චීනයෙන් වාර්තා වේ.
 

More News..