brand logo

චීනයේ ක්‍රියාවලට ඇමරිකාවෙන් සම්භාදක

04 September 2020

මේ වන විට මතභේදයට ලක්ව ඇති දකුණු චීන මුහුදේ සිදුකරණ ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ නිලධාරීන්,පුද්ගලයන්ට සහ රාජ්‍ය ව්‍යවසාය 24කට සම්භාදක පැනවීමට ඇමරිකාව පියවර ගෙන ඇත. එමෙන්ම එම පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවිය නොහැකිවන සේ සහ එම පවුල් වල අසන්නතමයන්ට වීසා ලබාදීම සිමා කිරීමට ද ඇමරිකාව පියවරගෙන ඇත. චයිනා කොමියුනිකෙෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් කම්පණිය (CCCC ) සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයකටද සම්භාදක පනවා තිබෙනවා. ලොවපුරා දුෂණ ,කොල්ලකාර මුල්‍යකරණය, පාරිසරික විනාශය සහ අනිසි ක්‍රියාවල නිරතවී ඇතැයි ඇමරිකාව සඳහන් කරයි. මෙම සමාගමේ අයුතු ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම ස්වෛරීත්වය සහ යහපත ආරක්ෂා කරගැනීම සඳහා එම සමගම සමඟ තිබෙන ගනුදෙනු පිළිබඳව නැවත විමසා බලන ලෙස ඇමරිකා එක්සත් ජනපදය රටවල් වලින් ඉල්ලීමක් සිදුකර ඇත. මේ සම්බන්ධව කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිවේදනයක් ද නිකුත්කර ඇත.
 

More News..