brand logo

චීනයෙන් පරිත්‍යාග කළ එන්නත් තොග පිලිපීනයට

01 March 2021

චීනය විසින් පරිත්‍යාග කළ පළමු එන්නත් තොග අග්නිදිග ආසියාවේ පිලිපීනය වෙත ලබාදී ඇත. ඒ අනුව සීනොවැක් කොරෝනා ආරක්ෂණ එන්නත් තොගය ඊයේ (28දා) එරටට ළඟා වී තිබේ. පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීම එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් සිදුකර ඇත. පිලිපීන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී චීනයට සිය කෘතඥතාව පළකළ අතර, මෙය දෙරට අතර සහයෝගීතාවයේ සංකේතයක් බව සඳහන් කර තිබේ. මේවන විට පිලිපීනයේ කොවිඩ් ආසාදිතයන් 576,000ක් ඉක්මවා ඇති අතර පුද්ගලයන් 12,300ක් කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගොස් ඇත.
 

More News..