brand logo

චීනයෙන් තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 5ක්

19 May 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන බලධාරීන් එකග වී තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඒ බව තහවුරු කළේය. ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. මේ මස අවසන්වීමට පෙර එම එන්නත් තොගය ලැබීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..