brand logo

චින ආන්ඩුකාරවරයා දකුණු ආණ්ඩුකාරවරයාව ගාල්ලේදී හමුවෙයි

14 January 2019

චීනයේ හයිනන් ( Hainan) ස්වයං පාලිත පලාතේ උප ආණ්ඩුකාර සෙන් ඩැන්යං මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙරේදා (12) ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී හමුවිය. දකුණු පලාත සහ චීනයේ හයිනන් පලාත අතර 2004 වසරේ දී අත්සන් කළ ‘මිතුරු පළාත්‘ සංකල්පය යටතේ සංචාරක, කෘෂිකර්ම, අධ්‍යාපන හා සංස්කෘතික සබදතා වර්ධනය කර ගැනීම මෙම හමුවේ අරමුණ විය. මෙම අවස්ථාවට හයිනන් පළාතේ විදේශ කටයුතු පළිබද උප අධ්‍යක්ෂවරයා සහ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. සුනෙත් ගාල්ලගේ
 

More News..