brand logo

චැපල්ටන් වතුයායේ 05ක් කොවිඩ් ආසාදිතයි

07 February 2021

    බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් ආසාදිත බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය සඳහන් කර තිබේ. හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට ප්‍රථමයෙන් කොවිඩ් ආසාදනය වී ඇති අතර පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කළ' ගුරුවරියගේ සැමියා ද ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වනවා. එම පවුලේ එක් ආසදිතයකු පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථානයක දී ජිවිතක්ෂයට ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ. ගනේෂ් මහතා සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම නීතිඥවරයෙකු වශයෙන් සේවය කළ පුද්ගලයාගේ 74හැවිරිදි පියා යි. ආසාදිතයන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමුකර තිබූ අතර පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී මියගිය ආසාදිතයාගේ බිරිඳට සහ තවත් පුතෙකුට ඊයේ (06) දින කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
 

More News..