brand logo

චැනල් 4 කැමරා ඇස මන්නාරම සමූහ මිනීවළට

16 December 2018

මන්නාරම සතොස භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ වීඩියෝ හා ඡායාරූපගත කිරීමට විදේශ මාධ්‍යවේදීන් පිරිසකට ඉඩ ලබාදීමට බටහිර රටවල් තුනක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කර වළ දැමූ සමූහ මිනීවළක් බවට මෙය හැඟවීම එම පිරිසේ අරමුණ වී ඇති අතර බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද ඒ සමග පැමිණ වාර්තා චිත්‍රපටයක් සකස් කිරීමට අවශ්‍ය දර්ශන ලබාගෙන ඇත. පසුගිය නොවැම්බර් 27 වැනි දින පෙරවරු 10.30 ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රොච් සමග මාධ්‍යවේදීන් තිදෙනකු පැමිණ ඇත. ඒ අතර කිලින් ෆිල්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චැනල් 4 මාධ්‍යවේදීන් ජොනතන් මිලර් සිට ඇති අතර ඔහු පැමිණීමට පෙර දින එම කැණීම්වලට එක්කර සිටි යුද හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් මන්නාරම අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත ඉවත් කර තිබේ. මීට අමතරව පසුගිය 11 වැනි දිනද පෙරවරු 10.00ට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ලේකම් රැවල් ග්‍රින් බ්‍රිතාන්‍ය දේශපාලන හා මානව හිමිකම් නියෝජිත ග්‍රේට් කෲස් සහ බ්‍රිතාන්‍ය ආගමික කටයුතු නිලධාරී මොහොමඩ් සියාම් යන අය සමග මාධ්‍යවේදීන් තිදෙනකු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ අංක ඩී.පී. කේ.එච්. 7365 දරන රථයෙන් පැමිණ තිබේ. මේ වන විට අස්ථි 274ක කොටස් එම කැණීම්වලින් සොයාගෙන ඇතැයිද වාර්තා වේ.
 

More News..