brand logo

චමල්ගෙන් පොලීසියට පැසසුම්

04 February 2020

පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා විශාල කාර්යය භාරයක් පොලීසිය විසින් ඉටු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය. පොලිස් පරිසර කොට්ඨාශය විසින් 72 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව වැල්ලවත්ත වෙරළතීරය පිරිසිදු කිරීම සහ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
 

More News..