brand logo

චන්න අයිය තමයි මාව නිළියක් කළේ

10 August 2021

නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙසින් ආකර්ෂණය දිනාගත් සසින්දි නිම්හාරා සෙනවිරත්න පසුගියදා සිය 21 වැනි උපන් දිනය සමරනු ලැබුවා. මව සහ පියාගේ ආභාෂයෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි නිම්හාරා මේ දිනවල චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරනු ලබන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කරනු ලබනවා. නිම්හාරා රඟපාන්න එන්නෙ පොඩි කාලේදි නේද? මම මුලින්ම රඟපාන්න එද්දී වයස අවුරුදු හතර හමාරක් විතර ඇති. ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුණ ‘කාව්‍යා’ නාට්‍යයේ කාව්‍යාගේ පොඩි කාලෙට රඟපෑවේ මම. ඊට පස්සේ ‘නිසලගිර’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ නීටා ප්‍රනාන්දු මහත්මියගේ දුව හැටියට. කාව්‍යා නාට්‍ය විකාශය වෙන කාලේ මාව මිනිස්සු ටිකක් හඳුනනවා. ඊට පස්සේ මම කාලයක් රංගනයෙන් ඈත් වෙලා අධ්‍යාපනයට මුල්තැන දීලා කටයුතු කළා. ආයෙම පාසල් කාලයෙන් පස්සේ තමා මම රංගනයට එන්නේ හිරු නාළිකාවේ විකාශය වූ ‘හුස්මක් තරමට’ ටෙලි සිතුවමේ සියුමානිගේ චරිතයෙන්. May be an image of 1 person, standing and jewelry   මේ වෙද්දී නැවත ඔබ සිනමාවට එන්නේ... මට අවස්ථාව ලැබුණා චන්න පෙරේරා අයියා අධ්‍යක්ෂණය කරනු ලබන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ... යශෝධා විමලධර්ම අක්කා තමා අම්මට කියලා තිබුණේ චන්න අයියා එයාගේ අලුත් නිර්මාණයට කෙනෙක් හොයනවා කියලා. ඊට පස්සේ අපි ගිහින් චන්න අයියව හම්බෙලා කතා කළාට පස්සේ තමා මාව තෝරා ගත්තේ. මේ වෙද්දී රූගත කිරීම් අවසන්ද? නැහැ. ඇතිවුණු කොරෝනා අවදානම එක්ක රූගත කිරීම් අතරමග නතර කෙරුණා. නැවත නොබෝ දිනකින් එහි අනෙකුත් රූගත කිරීම් පටන් ගන්න නියමිතව තිබෙනවා. May be an image of 4 people, people standing, food and jewelry අමතක නොවන අත්දැකීම් ඇති... මුළු චිත්‍රපටයම අමතක නොවන අත්දැකීමක් තමයි. අපි රූගත කරන්නේ රිවස්ටන් ප්‍රදේශයේ. මාසයක් විතර අපි එක දිගටම රූ ගත කිරීම් කළා. එක දවසක අපිට තිබ්බා වැස්සේ ෂූට් එකක් කරන්න. කොහොමත් රිවස්ටන් කියන්නේ සීතල පැත්තක් නිසා වැස්සේ රූගත කරන එක ගොඩක් අමාරුයි. නමුත් අපි රෑ පටන් ගත්ත ෂූට් එක ඉවර වුණේ පහුවදා පාන්දර 6ට. මම බයේ හිටියෙත් අසනීප වෙයි කියලා එක දිගටම සීතලේ හිටිය නිසා. ඒත් එහෙම කිසි දෙයක් වුණේ නැහැ, අපිව එතැන හිටිය හැමෝම හොඳින් බලාගත්තා. ඒ අත්දැකීම කවදාවත් අමතක නොවන සුන්දර මතකයක් එක් කළා මගේ ජීවිතේට. වැඩියෙන්ම කැමති සිනමා නිර්මාණ කරන්නද පුංචි තිරයටද? සිනමාවට සම්බන්ධ නිර්මාණ කරන්න තමා වැඩි කැමැත්ත. චරිත තෝරා ගැනීම... මට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවෙන මට ගැළපෙන චරිතයක් නම් මම භාර ගන්නවා. May be an image of 1 person and smiling නිම්හාරා ඉගෙන ගත් පාසල? කොළඹ ලයිසියම් විදුහල. මේ වෙද්දී අධ්‍යාපන කටයුතු කොහොමද? ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය කරනවා. වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අධ්‍යාපන කටයුතු කරන ගමන් තමා නිර්මාණවලට දායක වෙන්නේ. පූර්ණකාලීනව කලාවට යොමුවෙන්න අදහසක් නැද්ද? ඉස්සර නම් තිබුණේ නැහැ. නමුත් දැන් චිත්‍රපටයේ වැඩ කටයුතුත් එක්ක එහෙම අදහසක් තියෙනවා. බලමු ඉස්සරහට ලැබෙන ආරාධනා එක්ක. ගෙදරින් ලැබෙන සහයෝගය මතක් කළොත්... අම්මා, තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ඒ අයත් නිරූපණ ක්ෂේත්‍රය එක්ක අවුරුදු 20ක් විතර වැඩ කටයුතු කළ අය. ඒ නිසා ඒ අත්දැකීම් එක්ක මට මගේ ගමන යන්න ලොකු අත්වැලක් වෙලා ඉන්නවා. අම්මා, තාත්තා ගැනත් අපි විස්තර කියමු නේද? මගේ අම්මා නිලූ සේනානායක. තාත්තා අර්ජුන සේනානායක. 2002 දී බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් සහ 2013 වර්ෂයේ මිසිස් ඒෂියා කිරුළ දිනාගත්තේ අම්මා. 2002 මිස්ටර් ශ්‍රී ලංකා මගේ තාත්තා. May be an image of one or more people, people standing, footwear and indoor නිරූපණ තරගවලට යන්න පැජන්ට් නියෝජනය කරන්න අදහසක් නැද්ද? නැත්තේ නැහැ. නමුත් දැන්ම නෙවෙයි. අවුරුදු 23න් පස්සේ වගේ ඒ ගැන හිතලා බලන්න ඉන්නේ. ජනප්‍රිය වෙද්දී කටකතා හැදෙනවා. ඒ ගැන බයක් නැද්ද? බයක් නැහැ කියන්නේ, මගේ අම්මා තාත්තගේ සහයෝගය එක්ක මම හරි මාර්ගයේ යනවා කියලා මම දන්නවා. ඒ හින්දා අනෙක් අය කියන කතා ඕනෑවට වඩා භාර ගන්නේ නැහැ. හැබැයි මගේ හදාගන්න ඕනේ අඩුපාඩුවක් මට පෙන්වලා දුන්නොත් මම ඒක පිළිගන්න දෙපාරක් හිතන්නේ නැහැ. කෙනෙක් කිව්වොත් නිම්හාරා ක්ෂේත්‍රයට එන්නේ පවුල් පසුබිම නිසාම කියලා, පිළිගන්නවද? ඔව්. මම ඒක පිළිගන්නවා. මම මෙතැනට එන්නේ අම්මා තාත්තා නිසා. මට යම් හැකියාවක් තියෙනවා නම් ඒ සියල්ල ඒ දෙන්නගෙන්ම මට ලැබුණු දේවල්. මට මේ අවස්ථාව පවා ලැබුණේ අම්මා සහ යශෝධා අක්කා නිසා. අනාගත බලාපොරොත්තු මොනවද? මගේ අධ්‍යපන කටයුතු කරලා උපාධිය සම්පූර්ණ කරන එක සහ ඒ අතරතුර ලැබෙන හොඳ සිනමා නිර්මාණවලට දායක වෙන එක තමා එකම බලාපොරොත්තුව. අනුෂා රණසිංහ May be an image of 1 person and balloonMay be an image of 1 person, Maltese and indoorMay be an image of 1 person and indoorMay be an image of 2 people, people standing, bicycle and text that says 'WALE LEAK Tel:-077 677 S Hasaranga'May be an image of 1 person and ocean
 

More News..