brand logo

චන්දිම වීරක්කොඩි කියන කොකා හා තිත්තයාගේ කතාව

07 August 2019

ගමේ කතාවක් තියනවා කොකාට වාරයක් නම් තිත්තයාට ද වාරයක් කියලා.ඔන්න දැන් ජනතාවට මේදා ජනාධිපතිවරණයේ දී කොකා හා තිත්තයාගේ වාරය උදා වෙලා තියනවා. ඒ වාරය නිවැරදිව තේරුම් ගත යුතුයි.නැති නම් ජනතාව යළි යළිත් අමාරු වේ වැටෙනවා යැයි, එජානිස සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නීතිඥ චන්දිම වීරක්කොඩි අප අරුණ පුවත්පත කළ විමසුමක දී කීය. චන්දිම විරක්කොඩි මෙසේ ද කියයි. 2020 දී ඉරිපත් වන ජනපති අපේක්ෂකයා කව්ද ? නොව ජනපති අපේක්ෂකයාගේ වැඩ සටහන කුමක් ද ? ප්‍රතිපත්තිය,දර්ශනය කුමක් ද කියා ජනතාව කල්පනා කළ යුතුයි.එම ජනතාවාදි වැඩ සටහන ක්‍රියාත්මක කරන්ට යන්නේ කවර කණ්ඩායමක් එක්ක ද කියා ද ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුව තියනවා.මේ නව විට සංක්‍රාන්ති සමයකට ලංකාවේ ජන්ද දායකයෝ පත්ව සිටිනවා. වසර 05 ක් තුළ රට සංවර්ධනය කරන වැඩ සටහන කෙටි කාලින හා දිගු කාලින ආකාරයට රට ජනතාව සංවර්ධනය කරන්ට සිදුකරන ක්‍රමවේදය කුමක්ද කියා ජනාධිපති අපේක්ෂකයා ජනතාව දැනුවත් කළ යුතුයි. එය ඉදිරිපත් කළ යුතුව තියනවා.ඒ ආකාරයට දැක්මක් ඇති නායකයෙක් තමයි මෙදා අප 2020 දී තොරාගත් ජනතාව යුතුව තියෙන්නේ.ඒ නිසා ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව, එජානිස සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නීතිඥ චන්දිම වීරක්කොඩි අප අරුණ පුවත්පත කළ විමසුමක දී කීය. නිමල් අල්ගෙවත්ත
 

More News..