brand logo

චන්දිමාල් එළියට - ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට

21 November 2018

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ නායක දිනේෂ් චන්දිමාල් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම මීට හේතුව බවයි. දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර එම හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවුණා. ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට එංගලන්තය තරග 2ට 0ක් ලෙස ජයගෙන තිබෙනවා. ලබන 23 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදී දෙරට අතර තුන්වන ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතයි.
 

More News..