brand logo

චන්දිමාල්ගේ තුනෙන් එකක් රන්ජන්ට දෙයි

15 July 2021

රන්ජන්ගේ හිසට සෙවනක් දෙන්න චන්දිමාල් කළ පරිත්‍යාගය

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තමාට හිමි නිවෙස් වලින් එක නිවසක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි. රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව ඊයේ(14) වාර්තා විය. තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කරයි. රන්ජන් රාමනායක තමාගේ සමීප මිතුරෙකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් සහ මනුස්සකම් වලින් පලක් නොවන බව සඳහන් කරන ඒ මහතා රන්ජන් මහතා නිදහස් වී පැමිණි දිනක තමන් ලබාදෙන නිවසේ ජීවත් වීමට සියලු කටයුතු සූදානම් කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..