brand logo

චන්ද්‍රිකාගේ අත්තනගල්ල සංවිධායකධුරය ගැලවෙයි

07 November 2019

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම පක්ෂ තීන්දුවට පිටින් ගොස් සිදුකිරීම හේතුවෙන් හා ගිවිසුමකට අත්සන් කිරීම සහ සුගතදාස කී‍්‍රඩාංගණයේ සමුළුවක් පැවැත්වීම හේතුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම නිසා පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් ඒකමතික තීන්දුවක් මත මෙම තීරණය ගෙන ඇත. මෙයට අමතරව එම සමුළුව සඳහා රත්නපුර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුන් කිහිප දෙනකු සහභාගි වී ඇති බවත් එම ධුරවලට ද තාවකාලිකව වැඩ බැලීම සඳහා නව සංවිධායකවරුන් දිස්ති‍්‍රක් බල මණ්ඩලය හරහා තෝරා පත් කර ගැනීමේ බලය එම දිස්ති‍්‍රක්කවල නායකයන්ට පවරා ඇත.
 

More News..