brand logo

චන්ද්‍රිකාගෙන් මෛත්‍රී ගැන අනාවැකියක්

26 September 2021

අනිවාර්යයෙන්ම මෛත්‍රී යළි එන බව චන්ද්‍රිකා කියයි

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදී තිබුණා. පවත්නා වසංගත තත්ත්වය හමුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් චාම් ගුණසමරු උත්සවයක් සංවිධානය කර තිබුණා. නමුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනයක් තිබුණේ නෑ. “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරණායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලයේ එකවතාවයි බණ්ඩාරනායක ගුණ සැමරුමට මෙම ස්ථානයට ආවේ. කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි. නමුත් හිටපු ජනාධිපති අද එන්න ඉඩ තියෙනවා. මොකද හැම තැනින්ම පන්නල ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා.“ යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළාය. ඇය කී ලෙසින්ම ඇය පිටව ගිය පසු එම ස්ථානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණියේය. ඔහු සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද පැමිණියේය. “රජය සමග කටයුතු කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියත් එක්කයි. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ කටයුතු කිරීම තමයි එතුමාට කරන ලොකුම ගෞරවය වෙන්නේ. ඒ නිසා එතුමා ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම තමයි අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට රට වෙනුවෙන් කරන්නේ.“ යනුවෙන් එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
 

More News..