brand logo

චන්ද්‍රා රාජපක්ෂට අවසන් ගෞරව දක්වන්න ජනපති මෛත්‍රී මැද මුලනට යයි

25 August 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති මැද මුලන රාජපක්ෂ නිවසට ගොස් ඇත. මැද මුලන නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත. උසස් අධ්‍යාපන හා බුද්ධ සාසන ඇමති විජේදාස රාජපක්ෂ , බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රියද ජනාධිපතිවරයා සමග අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වී ඇත. මහින්ද රජජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමංගල්‍ය කටයුතු අද(25) පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
 

More News..