brand logo

ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

12 February 2020

ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ අවස්ථා 2කදී ලොරි රථ රියදුරකු හා ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් හා කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දිනවල ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ ලී මෝලක් අසල කූලී ලොරි රථයක් එහි රියදුරු සමග රැගෙන ගොස් නිවන්දම ප්‍රදේශයේ දී ලොරි රථයේ රියදුරුට තියුණු ආයුධයකින් ඇන මරා දමා ලොරි රථය පැහැරගෙන ගොස් තිබිණි. ඉන් දින කිහිපයකට පසු මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රී රෝද රථයක් රැගෙන පැමිණ ජා-ඇල මොන්ටා වත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයේ රියදුරු ට පහරදී තියුණු ආයුධයකින් ඇන ත්‍රීරෝද රථය පැහැර ගැනීම ට උත්සාහ කළ අවස්ථාවේ ත්‍රී රෝද රථ රියදුරු රථයේ යතුර විසි කිරීම නිසා රථය පැහැර ගැනීම ව්‍යර්ථ වුවද රෝහල් ගත කළ රියදුරු මරණයට පත් ව ඇත. මේ අවස්ථාවේදී සැකකරුවන් ත්‍රීරෝද රියදුරු ළග තිබු රුපියල් 1000/- මුදලක් රැගෙන පලා ගොස් තිබිණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කැළණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි. ඒ අනුව මීගමුව කදිරාන ප්‍රදේශයේ මෝටර් රථ ගැරෙජ් කරුවකු අත් අඩගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම මිනීමැරුම් වලට සම්බන්ධ සැකකරුවන් හා සුලමුල හෙළිකරගෙන ඇත. මොවුන් විසින් කොල්ල කනු ලැබු ලොරි රථ යේ කොටස් තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයකුට අලවි කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. මෙම සැකකරුවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් මීගමුව හා වත්තල මහේස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කර ඇත.
 

More News..