brand logo

ඝාතනය කරන ලද වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගැනේ (Photos)

13 June 2019

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ ආරගම වසමේ වැව් ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වී ඇත. මෙම වන අලියා වෙඩි වැදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම අලියාගේ වයස අවුරුදු 22ක් පමණ වන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි. මෙම ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට වන අලි තර්ජන පවතින බවත් ස්ථිර විසදුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම නිසා වන අලින්ගේ ජිවිත මෙන්ම මිනිස් ජිවත මෙන්ම එම ප්‍රදේශයේ වගා රැසක්ද අලි මිනිස් ගැටුමෙන් විනාශ වී ඇත. ඝාතනය වූ වන අලියාගේ පස්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව වන අලියාගේ මළ සිරුර එම ස්ථානයේම වල දමා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්කොටේ අඩවි වන නිලධාරීන් හ ඌව කුඩාඔය පොලිසිය මගින් සිදු කරනු ලබයි.
 

More News..