brand logo

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන හමුවෙයි

04 March 2019

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මොහු වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු බවයි. මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔහුගෙන් හෙළි කළ තොරතුර අනුව දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී ජංගම දුරකතන 3 ක් ද සොයා ගෙන ඇති බවයි. එම ජංගම දුරකතන තුනෙන් දෙකක් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයින්ගේ බවට දුරකතන එමි අංක මගින් තහවුරුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළා. පසුගිය ජනවාරී 23 වනදා මංජුල අසේල හා රෂීන් චින්තක නමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවුණා.
 

More News..