brand logo

ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

05 December 2018

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් ආරම්භක පිතිකරුවකු වන ‌ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 2003 වසරේදි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කරමින් ජාත්‍යන්තරන්තර පිටියට පැමිණි ‌ගෞතම් ගාම්බීර් එක්දින තරග 147ක්, ටෙස්ට් තරග 58ක් සහ පන්දුවාර විස්ස තරග 37කට සහභාගි වී තිබෙනවා. එක්දින තරගවලට සහභාගි වෙමින් ලකුණු 5238ක්, ටෙස්ට් තරග වලට සහභාගි වෙමින් ලකුණු 4154ක් සහ පන්දුවාර විස්ස තරගවලට සහභාගි වෙමින් ලකුණු 932ක් රැස්කර ගැනීමට ගාම්බීර් සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම සමග තරගවැදීමට 2003 වසරේදි එක්දින පිටියට වරම් ලැබූ ගාම්බීර් හෙට සිය ක්‍රිකට් ජීවිතයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතයි. ඒ දිල්ලියේ පැවැත්වෙන රාන්ජි කුසලානය වෙනුවෙන් ආන්ද්‍රා කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය කොල්කටාවේ ‌ෆෙරොස් ෂා කොට්ලා හිදි පැවැත්වීට නියමිතව තිබෙනවා. ගාම්බීර් ක්‍රිකට් දිවියට සමුදීමට ගත තීරණය සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයේ සැරිසරන අතර, එම වීඩියෝව පහතින් නරඹන්න.... https://youtu.be/nueJ_aGK26s
 

More News..