brand logo

ගෝලීය වසංගතයට එරෙහි සටන එකාවන්ව ජයගැනීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවම සන්නිවේදනයෙන් බලගන්වයි

16 April 2020

රටක් ලෙස ශ්‍රී ලංකාවේ අප මෙතෙක් මුහුණදුන් විශාලතම අභියෝග අතරින් එකක් ලෙස කොවිඩ්-19 වසංගතය හැඳින්විය හැක. ශ්‍රී ලංකා රජයේ නිවැරදි මග පෙන්වීමට අනුව ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන අංශ මෙම ව්‍යසනයෙන් අපේ රටට ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා ක්‍රියාකරයි. මෙම ව්‍යසනය ඇතිවූ මොහොතේ සිටම රටේ සමස්ථ පුරවැසියන්ව ආරක්ෂා කරගනිමින් එය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ හා අදාළ බලධාරීන් ඉටුකරන සේවාව අතිමහත් වේ. මෙවන් අසීරු අවස්ථාවක රට අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීම සහ පොදු මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම අප මුහුණදෙන සුවිසල් අභියෝගයක් වේ. එය කොපමණ අභියෝගාත්මක වූවත් ඉදිරියේ එන බාධක කම්කටොළු මැඩගෙන රටක් ලෙස සුරක්ෂිතව ඉදිරියට යෑම සෑම සියලු දෙනාගෙම වගකීමකි. ඒ සඳහා තමන්ම අනන්‍ය ආකාරයට දූරදර්ෂි ක්‍රියාමාර්ගවලට එළඹෙමින් රටක් ලෙස ඉදිරියට යාම සඳහා සැවොම බලගැන්වී සිටීම ජාතික අවශ්‍යතාවකි. මේ මොහොතේ වසංගතයට එරෙහිව ක්‍රියාකරන සෞඛ්‍ය අංශ සහ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කරන අංශවලට නිවැරදි සන්නිවේදන පහසුකම් තිබීම ඉතාම වැදගත් වේ. එමෙන්ම නිරෝධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට, නිවැස්වල ස්වං නිරෝධායනය අනුගමනය කරන පුරවැසියන්ට, දැනට නිවැස්වල සිටිමින් තම වෘත්තීය සේවා පවත්වාගෙන යන සේවකයන්ට සහ සමස්ථ පොදු මහජනතාවටම නොබිඳෙන සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. මෙසේ ගත් කළ සන්නිවේදන සේවා නිසි පරිදි පත්වාගෙන යෑම රටේ ජාතික වගකීමක් වේ. මෙවන් භාරදූර මොහොතක රජයේ සන්නිවේදන අවශ්‍යතාවය ද සපුරාලමින් සමස්ථ රටේම ජංගම සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමේ ජාතික කර්තව්‍යයට ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් සමාගම උරදී තිබේ. නොබිඳෙන සබඳතාවක් සහ පුළුල් ආවරණයක් සහිතව සියලු දෙනාගෙම දෛනික සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි සපුරාදීම සඳහා මොබිටෙල් විසින් පැය විසි හතර පුරා ඇපකැපවී සේවය කරයි. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව මුළු රටටම සිය සන්නිවේදන පහසුකම් ලබාදීමට අමතරව ආයතනයක් ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් මොබිටෙල් සමාගම නොයෙක් සේවා රැසක් ජනතාවට හඳුන්වාදී තිබේ. මේ ව්‍යසනකාරී මොහොතේ දී ජනතාවගේ ජන ජීවිතය යහපත්ව පවත්වාගැනීම සඳහා සියලු පුරවැසියන්ට සෞඛ්‍ය සේවා පහසුකම් සලසාදීම සහ ජංගම දුරකථනය හරහා වෛද්‍ය උපදේශන සේවා ලබාදීම ආදී සේවා රැසක් සිදුකිරීමට මොබිටෙල් කටයුතු කරයි.
 

More News..