brand logo

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ඉහළ යෑමක්

08 December 2021

රටවල් රැසක් නව සීමා හඳුන්වාදෙයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට ක්‍රමයෙන් ඉහළයමින් පවතී. ඒ, ඔමික්‍රොන් නව ප්‍රභේදය ව්‍යාප්තවීමේ දැඩි අවදානම හමුවේ යුරෝපා කලාපීය කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනන ඉහළයාමක්ද පැවතියදීය. එමෙන්ම වෛරසයේ අවදානම අවම කිරීම සඳහා යුරෝපා රටවල් රැසක් නව සීමා හඳුන්වාදෙමින් සිටින අතර මෙසේ නව සීමා හඳුන්වාදුන් රටවල් අතරට නෝර්වේ, පෝලන්තය, ස්වීඩනය අයත්වෙයි. නව සීමා යටතේ ගෘහස්ථ ස්ථානයකට එක්වර එක්විය හැකි පිරිස 10කට සීමා කිරීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කර ඇත. සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති නත්තල් සාදයකින් කොවිඩ් පොකුරක් ආරම්භවීමේ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වුණා. සාදය සඳහා එක්වූ 170ක පමණ පිරිසෙන් 70දෙනෙකු ආසාදිත වී ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් ආසාදිත සෞඛ්‍ය සේවකයින් සියලූමදෙනා පූර්ණ වශයෙන් කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය වන අතර ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වන බවද සඳහන්. එමෙන්ම ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ සමාජ සම්ප්‍රේෂණය අවස්ථාව දක්වා පැමිණ ඇතැයි එරට සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් ඊයේ තහවුරු කර තිබෙනවා.
 

More News..