brand logo

ගෝනාපිනුවල 34ක් නිරෝධායනයට

15 July 2020

තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගෝනාපිනුවල ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 34 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ හබරාදුව ප්‍රදේශයේ පුද්ගලයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසකි. කොරෝනා  ආසාදනය වි ඇති බවට තහවුරු වු හබරාදුව හිනටිගල පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණු ලබන උපදේශකවරයා ඉකුත් 05 වැනිදින ගොනාපිනුවල ප්‍රදේශයේ පිහිටි සිය බිරිදගේ නිවසට පැමිණ ඇති බවද පොලිසිය පවසයි. එදින රාත්‍රි නිවසේ ගතකොට 06 වැනිදින මොහු පිටත්ව ගොස් ඇත. එම නිවසේ අය හා සමිප ආශ්‍රිතයින් මෙසේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බැව් පොලිසිය පවසයි. උපදේශකවරයා එම ප්‍රදේශයේ වෙළදසැල් 02කට ගොස් භාණ්ඩ මිලදිගෙන ඇති බවද පොලිසිය පවසයි.
 

More News..