brand logo

ගෝඨා බලන්න මන්ත්‍රීවරු පිරිසක් සිංගප්පුරුවට

10 July 2019

ඉකුත් සතියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, තෙනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් සිංගප්පූරුවේ සිටින ‘ගෝඨාභය රාජපක්ෂ’ බැහැ දැකීමට ගොස් තිබුණි එහිදී ගෝඨාභය ඔවුන්ට පවසා තිබුණේ, තමන් සුව වෙමින් සිටින බවත්, ඉක්මනින්ම ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත්ය. එමෙන්ම මහින්ද සහ බැසිල් යන දෙසොහොයුරන් නිතර දෙවේලේ තමන් අමතන බවත්ය. තමන්ට යාමට ඇති ගමන ‘නඩු දමා හරස් කළ නොහැකි’ වන බව ද පැවසූ ගෝඨාභය, සිංගප්පූරුවේ විදේශකටයුතු ඇමැතිවරයා ද තමන් බැහැ දැකීමට පැමිණි බව මන්ත්‍රීවරුන් සමග කීවේය.
 

More News..