brand logo

ගෝඨාට ජම්පර් අන්දන්න ගිය හේෂාට නඩු

29 September 2019

සජිත්ගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභයට ‘ජම්පර්’ අන්දන බව කියූ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වීම ද පසුගිය සතියේ දී සිදුවිය. නීතිඥ ප්‍රේමනාත් සී. දොළේවත්ත විසින් එම පැමිණිල්ල ගොනු කරන ලද්දේ ‘හේෂාගේ ජම්පර් ප්‍රකාශය’ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩු වලට අදාළව බලපාන්නේ යැයි සබ්-ජුඩිස් රීති තර්කය මතු කරමිනි. මේ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හේෂාට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගෙනුත් ‘දැඩි අවවාද’ ලැබී ඇත.
 

More News..